Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් - 19 වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
 
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි. දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ අගමැතිවරයා නිරතව සිටියේය.
 
හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් සිය ධුරයේ වැඩ බැලීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇත්තේ අවශ්‍ය අවස්ථාවන්හිදී නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලෙසයි.
 
බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට පළමුව තහවුරු වුයේ ඉකුත් මාර්තු මස 27 වෙනිදායි.
 
පසුගිය 05වනදා ඔහුව ලන්ඩනයේ පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();