Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කඳවුරක් මතු වෙයි.

money, muslim

පාස්කු ප‍්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීයි.

මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප‍්‍රධාන චූදිතයෙක්ද වන අතර ඔහු 2014 දී තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණුව ලබා ඇති බව විමර්ශනවලදී හෙළි වි ඇත. අක්කර 15 ක භූමි භාගයක ගොවිපොළක් ලෙස ඉතා රහසිගතව මෙම කඳවුර පවත්වාගෙන ගොස් ඇති  අතර අදාළ ඉඩම මාවනැල්ල ප‍්‍රදේශයේ පූජකයෙකුට අයත් බව හෙළි වී තිබේ.

මෙම කඳවුරේදී මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු අවි පුහුණුව ලබා ඇතැයි සඳහන්  වන අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් දීර්ඝ ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙමින් පවති.

The post තවත් කඳවුරක් මතු වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();