
ඊයේ (26) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 63 දෙනා අතරින් 53 දෙනෙකු නාවික හමුදාවේ සමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා පවසයි.
“ඊයේ දවසේ 63 දෙනෙකු ආසාදිතයින් හැටියට සොයාගනු ලැබුවා. එයින් 53 දෙනෙකු නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන්. වැලිසර කඳවුර තුළින් පමණක් 16 දෙනෙකුත් පිට තැන්වලින් 37 දෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානවලින් 5 දෙනෙකුත් තවත් 5 දෙනෙකු ඔවුන් ඇසුරු කළ කට්ටිය හැටියට තමයි මේ 63 සංඛ්‍යාගත වෙන්නෙ.
ඒ අනුව විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් . ගම්පහ දිස්ත්‍රික්කයෙන් 07ක් කියලා මතුවෙනවා නමුත් ඔවුන් කිසිම කෙනෙක් ගෙවල්වලට ගිහිල්ලා නෑ. දිස්ත්‍රික්කයක රෝහලක ඉන්නෙ.
ඊට අමතරව කලුතර, කුරුණෑගල, කෑගල්ලෙ එක පුද්ගලයෙක්, ඒවගේම අනුරාධපුරය, බදුල්ල, මාතරින් එක පුද්ගලයෙක්, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, රත්නපුර, අම්පාර, වව්නියාව. ඔව් මේක සමස්ත සමාජයම නියෝජනය කරන ත්‍රිවිධ හමුදාවක්. ඉතිං රටපුරා ඉන්න පුළුවන්. ඒත් එක පුද්ගලයෙක් හමුවුණා කියලා කලබල වෙන්න දෙයක් නෑ. නැවත වතාවක් කියන්නෙ, අපි ඒක පාලනය කරන්න මේ වනවිටත් කටයුතු කරලා තිබෙන්නෙ” යනුවෙනුයි ඔහු සඳහන් කළේය.
The post ඊයේ ආසාදිතයන් 63 දෙනාගේ විස්තර. appeared first on Lanka News Column.

0 Comments