
ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂයෙන් ස්ථාපිත මාර්ග බාධකද ඇතුළුව සියලූ මාර්ග බාධකවලදී පොලිස් නිලධාරීන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න විසින් නිකුත් කර තිබේ
ඊට අනුව රාජකාරී ඉටුකරන නිලධාරීන් හැර රාජකාරී විවේකය වාර්තාකර සිටින නිලධාරීන් හෝ වෙනත් කිසිවෙකු මාර්ග බාධකය අසල රැදී නොසිටිය යුතුයි,
පොලිස් නිලධාරීන්ට, හමුදා සමාජිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට මාර්ග බාධක හරහා ගමන් කරන වාහනවලට මාර්ග බාධකය අසලින් ගොඩවී ගමන් කිරීමට ඉඩ නොදිය යුතු බවද උපදෙස් මාලාවේ දැක්වේ.
මාර්ග බාධක වල රාජකාරී ඉටුකරන නිලධාරීන් මෙම උපදෙස් අනුව කටයුතු කරන්නේදැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දිස්ති‍්‍රක්භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් අධීක්ෂණය කළ යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
කිසියම් නිලධාරියෙකු උපදෙස්වලට පටහැනිව කි‍්‍රයාකිරීම හේතුවෙන් යම් තැනැත්තෙකුට නව කොරෝනා ආසාධනය වූ බවට වාර්තා වූවහොත් අදාල මාර්ග බාධකයේ රාජකාරී ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට එරෙහිව විනය පියවර සහ නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
මෙසේ උපදෙස් නීතිරීති සකස්කර තිබුන ද ඔවුන්ගේ ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් පිළිබද නිසි සැලකිල්ලක් නොදක්වන බවට ජනතාවගෙන් මෙන්ම මාර්ග බාධකවල නියලෙන නිලධාරීන්ගෙන් ද චෝදනාවක් පවතී. බොහෝ පිරිසක් සමග ගැටෙන පිරිසක් වන මෙම නිලධාරීන් භාවිතයට ගන්නා මුඛ ආවරණ පවා නියමිත ප්‍රමිතියෙන් තොර ඒවා බවද අපට යම් ස්ථානවලදී දැකගන්නට ලැබුණි.
The post උපදෙස් පමණයි, පහසුකම් සැපයීමක් ගැන නෑ. appeared first on Lanka News Column.

0 Comments