Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිත කාන්තාවගේ ජල පිරිපහදුවේ පාරිභෝගිකයන් සොයයි - නිකවැරටිය වසා දමයි

නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත් පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට එම කාර්යාලය දන්වා සිටී.
එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශ වල ජනයා මේ පිළිබඳව සත්‍ය තොරතුරු ලබා දී, කොරෝනා මර්ධන කටයුතු වලට සහය දක්වන ලෙසද නිලධාරීන් ඉල්ලා සිටී. 

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();