Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෙයින් එළියට බහින්න අලුත් නීති

ඇඳිරි නීතිය නොමැති කාලයේදී අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයන්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින් බවත්, කවරෙකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (25)නිවේදනය කළේය.

එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප‍්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළෙඳසැල පමණක් තෝරාගත යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින් බවත් ඒ අනුව සඳුදා දිනවල බැහැර යාමට ඉඩලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

සතියේ ඉතිරි දිනවල එනම් අඟහරුවාදා සිට ඉරිදා දක්වා නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ අඟහරුවාදා දින හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය, බදාදා දින හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය බ‍්‍රහස්පතින්දා දිනයේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය සිකුරාදා දිනයේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය ලෙස ය.

The post ගෙයින් එළියට බහින්න අලුත් නීති appeared first on ජනයුගය.



from දේශීය – ජනයුගය https://ift.tt/2Y7PrRo

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();