Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ දින වාර්තා වූ රෝගීන් 40 දෙනා ගේ විස්තර.

ඊයේ  දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 40 දෙනා ගෙන් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටි.

සිදුකර ඇති PCR පරීක්ෂණ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් 10 දෙනෙක්ට සහ එම කඳවුරේ සිට නිවාඩු ගොස් සිටින නිලධාරින් 10 දෙනෙක්ට ද වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.

මේ අතර නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින නාවික හමුදා නිලධාරින් ගේ පවුල්වල සාමාජිකයින් තිදෙනෙක්ට ද කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වේ.

එම පිරිස අතර නාවික හමුදා නිලධාරිනියක් සමග විවාහවී සිටින යුධ හමුදා නිලධාරියෙක් ද සිටින බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටී.

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් 10 දෙනෙක්ට හා කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුත්තලමේ සිට රැගෙන ගිය තිදෙනෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඊයේ තහවුරු වී තිබේ.

ගුවන් යානා නොමැතිව ඕමාන ගුවන් තොටුපලේ සිරවී සිට මෙරටට රැගෙන ආ පුද්ගලයින් ගෙන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ තිදෙනෙක්ට සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙක්ට ද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබේ.

වාර්තා වන පරිදි මේ වන විට ජා-ඇල, සුදුවැල්ලේ ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයෙක් ඇසුරු කළ පුද්ගලයින් සොයා සිදුකළ මෙහෙයුමේදී එහි සිටි පිරිසකගේ නොමනා හැසිරීම හේතුවෙන් වෛරසයට නිරාවරණය වීමෙන් නාවික හමුදාවේ නිලධාරින් 85කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය වැලදී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

The post ඊයේ දින වාර්තා වූ රෝගීන් 40 දෙනා ගේ විස්තර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();