දකුණු කොරියාවේ ඉදිකිරීම් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇත.
දකුණු කොරියාවේ සෝල් අගනුවරට කි.මී. 80 ක් ගිනිකොන දෙසින් පිහිටි ඉඩියොන් නගරයේ මෙම ගින්න හට ගෙන ඇතැයි වාර්තාවේ.
වැඩි පිරිසක් එම ඉදිකිරීම් ස්ථානය තුළ සිරවී ඇතැයි විශ්වාස කරන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉදිකිරීම් කටයුතු සදහා රැගෙන ආ ද්‍රව්‍ය අතර තිබූ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි සැක කෙරේ. අනතුර සිදුවන අවස්ථාවේ 78දෙනෙකු පමණ එම ස්ථානයේ සිටි බව සදහන් වේ.

0 Comments