Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 31ක් බදුල්ලට ගිහින් - 3කට කොරෝනා

වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිට නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ සිය ගම් වලට ගියා නාවික භටයන් 31 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
මෙම පිරිස පසුගිය 22වන බදාදා පස්වරුවේ බදුල්ලට ගොස් ඇති අතර ඉන්පසු ඉන් තිදෙනෙකුට කොරෝනා ලක්ෂණ මතුවීම නිසා දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

මෙසේ නිවාඩු ලබා බදුල්ල දිස්ත්‍රික්කයට ගිය නාවික හමුදා සෙබළුන් 31 දෙනා පස්සර, බණ්ඩාරවෙල, මහියංගණය, බදුල්ල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ වන විටත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();