Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බකින්හැම් මාලිගාවටත් කෙරෝනා අවදානමක් – රැජින පිටව යයි

කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ සේවකයෙකු බකින්හැම් මාලිගයෙන් වාර්තාවීමත් සමග බ්‍රිතාන්‍ය මහ රැජිණ සියලු නිල රාජකාරි කටයුතු අවලංගු කර වින්සර් මාලිගයට පිටත්ව ගොස් ඇත.
 
කෙසේ නමුත් 93 හැවිරිදි රැජින නිරෝගීව සිටින බව වාර්තාවේ සඳහන් වේ.
 
එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා වලට අනුව, කාර්ය මණ්ඩලය රැජින සමඟ කෙතරම් සමීපව සිටියාද යන්න නොදන්නා නමුත් මාළිගාව තුළ ඔහු සම්බන්ධ කර ගත් සියලු ආශ්‍රිතයන් හුදෙකලා කර ඇත. 
 
මාළිගාවේ 500දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටින බවට ද තොරතුරු සදහන්වේ. 
 
මෙම කාර්ය මණ්ඩල සේවකයා පිළිබද අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය සතිය මුලදී ඔහු වෛරසයෙන් ආසාදනය වී ඇති බව පැවසේ. කෙසේ නමුත් බකිංහැම් මාලිගය මෙම වාර්තා පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. 
 
මේ අතර බ්‍රිතාන්‍ය රජය සති තුනක් සියලු නගර වසා දැමීමට පියවර ගෙන තිබේ. පුද්ගලයින් දෙදෙනෙකුට වැඩියෙන් එක්රැස්වීම ද තහනම් කිරීමට කටයුතු කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();