Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරිනීතිය කැඩූ තවත් 20 ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවේ එය කඩකල තවත් පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව, උහන ප්‍රදේශයේදී නිකරුනේ ගැවසෙමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 3 දෙනෙකු ළඟ තිබී ගංජා ග්‍රෑම් 1ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එසේම, බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී ද, ඇඳිරිනීතිය කඩකරමින් මාර්ගයේ සැරිසරමින් සිටි 10 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල - වැලිමඩ මාර්ගයේ ගල් පල්ලිය හන්දියේදී ද ඇඳිරි නීතිය කඩකරමින් ලොරි රථයකින් ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 දෙනෙකු මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් නිවේදනය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();