Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජල මණ්ඩලය වතුර සීමා කරයි

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්  බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මුලාශ්‍ර ගණනාවක්ම සිදීයාමෙන් පානීය ජලය ලබාදීම සීමාකිරිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් පැය 24 පුරා ජලය අඛණ්ඩව බෙදාහැරීම ද අඩපණ වනු ඇතැයි මණ්ඩලය සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ ජලය සැපයීමට සිදුවන අවස්ථා වලදී ඒ පිළිබඳව කෙටි පණිඩුඩයක් මගින් දැනුම් දීමේ සේවාවක් ද ආරම්භ කර ඇතැයි ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල බිල්පතේ ගිණුම් අංකය යොදා 071-9399999 යන අංකයට තම ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩයක් එවා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද මණ්ඩලය කියයි. නොමිලේ ක්‍රියාත්මක වන මෙම කෙටි පණිවිඩ සේවාව මගින්, ජල බිල්පතේ මාසික ගාස්තුව, හිඟ මුදල, ජල බිල්පත් නොගෙවීම මත ජලය විසන්ධි කිරිමේ  දැනුම්දීම ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද මණ්ඩලය සඳහන් කරයි.

The post ජල මණ්ඩලය වතුර සීමා කරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();