ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය සතියේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු කර තිබුණේ රුපියල කඩා වැටීම පිළිබඳවයි.
“රුපියල කඩාවැටීම ගැන ආණ්ඩුව කියන්නේ බහුබූත කතා. ආණ්ඩුවල වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා තමයි මේ ප‍්‍රතිවිපාක භුක්ති විඳින්න සිදුවෙලා තියෙන්නේ. නිෂ්පාදනය කඩා වට්ටලා, පුළුවන් තරම් ණය අරගෙන රට ණය උගුලක හිර කරපු එකේ ප‍්‍රතිවිපාක අද රුපියල කඩා වැටීම මගින් පේන්න තියෙද්දී මුදල් ඇමති වෙන වෙන කතා කියනවා. ආනයන පාලනය කරලා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවනම් මංගල සමරවීරගේ මොළය පරීක්ෂණ කරන්න ඕනෑ” අනුර දිසානායක කීවේය.
“මේ තරම් අර්බුදයක් තියෙන වෙලාවකත් ආණ්ඩුව රටේ ජනතාවට කොලේ වහලා ගහන්න හදනවා. පර්මිට් නතර කරනවා කියලා විහිළුවක් කරනවා. මන්ත‍්‍රීවරුන්ගේ පර්මට් දීලා දැන් අවුරුදු තුනහමාරකටත් වැඩියි. අපි හරෙන්න අනෙක් හැම මන්ත‍්‍රීවරයෙක්ම පර්මිට් එකට ගෙනාවේ ලක්ෂ 450ත් පැනපු වාහන. දැන් බොරුවට පර්මිට් නතර කරනවා කියනවා. එකෙන් පාඩුව වෙන්නෙත් රාජ්‍ය සේවකයින්ට. සමහර අය පරණ වාහනය වික්කා පර්මිට් එකට අලූත් එකක් ගන්න. දැන් එකක්වත් නැහැ” විජිත හේරත් කීවේය.
“ආනයන අපනයන පරතරය වැඩි නිසා තමයි අපිට විදේශ විනිමය ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. ඩොලර් විශාල ප‍්‍රමාණයක් ඇදිලා යන්නේ ආනයනවලට. ඒවා පාලනය කරන්න දීර්ඝකාලීන නිෂ්පාදන කි‍්‍රයාවලියක් අපිට ඕනෑ. අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩ කරලා මේ වගේ අර්බුදයකින් ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. එහෙම තත්වයක් ඇතුලෙත් ආණ්ඩුව සිංගප්පූරුව, එට්කා වගේ ගිවිසුම් ගහනවා. එකෙන් වෙන්නෙත් අපේ රටේ නිෂ්පාදනය විතරක් නෙවෙයි රැකියා වෙළඳපොලත් අර්බුදයට යන එක. ඒක නිසයි රටට ඇත්ත ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙන්නේ.” ලාල්කාන්ත පෙන්වා දුන්නේය.
The post මංගලගේ මොළය පරීක්ෂා කරන්න වෙයි.. appeared first on Lanka News Column.


0 Comments