Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හීනෙන්වත් මහින්ද එක්ක දේශපාලනය කරන්නේ නෑ – ෆොන්සේකා කියයි.

Sarath_Fonseka

මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය එදා සිටම තමා අනුමත නොකරන නිසා හීනෙන්වත් ඔහු සමඟ එකට එක්ව දේශපාලනය නොකරන බව තිරසර සංවර්ධන හා වනජීවි ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.

මෙන්ම දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි කීවද රාජපක්ෂලාගේ දුෂිත දේශපාලනය සමඟ තමා කටයුතු නොකරන බවද අමාත්‍ය ෆොන්සේකා සඳහන් කර ඇත.

තමා මීට මාස දෙකකට පෙරාතුව පොලිසිය හා මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ගේ සම්බන්ධය පිළිබඳ හෙළි කළද එය බීරි අලීන්ට වීණා වැයුවා සේ කිසිවකු ගණනකට නොගත් මුත් මේ වන විට ඒ කී දේවල් යථාර්තයක් වී ඇතැයි ද ඇමැති සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසා තිබේ.

 

The post හීනෙන්වත් මහින්ද එක්ක දේශපාලනය කරන්නේ නෑ – ෆොන්සේකා කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();