Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශවේන්ද්‍රගේ අමෙරිකානු තහනම මංගල - රනිල්ගේ ගේමක් ?

“රට කුඩා වුවත් අප ස්වාධීන රාජ්‍යයක්. යුද හමුදාපතිවරයාට ඇමෙරිකාව නඟන චෝදනාව අප පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා’ යැයි නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ (16දා) කළුතරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
වසර තිහක ශාපකාරී යුද්ධයෙන් රට මුදා ගැනීමට සඳහා වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එදා 58 වැනි සේනාංකයට නායකත්වයදී කටයුතු කළා. මංගල සමරවීරලා, රනිල් වික්‍රමසිංහලා මේ උදාවූ තත්ත්වයට වගකිව යුතුයි. ඇමෙරිකාව ඉරානයට, සිරියාවට, ඇෆ්ගනිස්තානයට පහර දෙන විට වෙනත් රටවල් ආක්‍රමණය කරන විට සිදුකළ මානව හිමිකම් කඩවීම ගැන නොතකා වෙනත් රටවලට බලපෑම් කිරීම අපි හෙළා දකිනවා.

අද නීතිපති හා පොලිස්පති අතර ලියුම් ගනුදෙනුව අසතුටුදායක තත්ත්වයක්. රටේ පාලකයා කවුරු වුණත් නීතිපති දෙපාර්තමේන්තුව රටේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි.

පසුගිය කාලයේ රුපියල් කෝටි ගණනක් වැය කර ජනාධිපති කොමිෂන් හැදුවා. ඒවායින් මහ දවල් සිදුකළ මහ බැංකු සොරකම, ඔෟෂධ ගෙන්වීමේදී සිදුකළ වංචා ආදිය ගැන පෙන්වාදී තිබෙනවා. දැන් කළ යුත්තේ වැරැදිකරුවන්ට දඬුවම් දීමයි. කොයි පැත්තේ හිටියත් හොරා හොරාමයි. ජනතාව මේ ආණ්ඩුව බලය දුන්නේ හොරු අල්ලන්නයි. එහෙම නොවුණොත් පසුගිය ආණ්ඩුවට වූ දේම වේවි. 

සුජිත් මාරියෝ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();