Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජගිරියේ රිය අනතුරකින් සිව්දෙනෙකුට තුවාල

රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (11) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. 
 
බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.
 
අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතළත් කර ඇත.
 
අනතුර හේතුවෙන් රාජගිරිය අවට සුළු රථ වාහන තදබදයක් ද හට ගත් අතර වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();