Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව කොරෝනා වෛරසය සම්බන්ධ අසත්‍ය පුවත් ගැන පැහැදිලි කිරීමක්

නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බවට පලවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
 
ඒ මහතා මේ බව කියා සිටි බව නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
මේ අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති චීන ජාතික කාත්නාව පමණක් බව අදාළ නිවේදනයේ සදහන් වේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වෛරස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති චීන ජාතික කාත්නාවද, මේ වන විට සුවය ලබා ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();