Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන අගමැති වෛරසය එරෙහි සටන නිරීක්ෂණයට

චීන අග්‍රාමාත්‍ය මෙන්ම මධ්‍යම රජයේ නව කොරොනා වෛරස් වසංගතය පාලනය කිරීමේ කාර්ය කණ්ඩායමේ නායක ලී ක ච්‍යං  චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ රෝගකාරක ජෛව විද්‍යා ආයතනය නිරීක්ෂණය කරයි.

ලී ක ච්‍යං පසුගියදා චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ රෝගකාරක ජෛව විද්‍යා ආයතනයට ගොස් වසංගත වැළැක්වීම සහ පාලනය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු නිරීක්ෂණය කරමින් එහි විද්‍යාත්මක පර්යේෂකයන් වෙත සිය ප්‍රණාමය පළ කළේය.

වසංගතය වැළැක්වීම සහ පාලනය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතිය චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා එහිදී අගමැතිවරයාට විස්තර කළේය. විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන් දිවා රෑ නොබලා ක්‍රියා කිරීම ලී ක ච්‍යංගේ පැසසුමට ලක්විය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරීත්වය සහ විද්‍යා හා තාක්ෂණික සහය අවශ්‍ය බව අගමැති ලී ක ච්‍යං පැවසීය.

ඵලදායී ඖෂධ හා එන්නත් සංවර්ධනය සඳහා මූල්‍ය හා ද්‍රව්‍යමය සම්පත් සහ මිනිස්බල සහයෝගය වැඩි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

The post චීන අගමැති වෛරසය එරෙහි සටන නිරීක්ෂණයට appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();