Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙහිවලදී කිලෝ 4ක හෙරොයින් සමඟ 06ක් අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 04ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්  ඊයේ(24)  රාත්‍රියේ දීය.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයින් වන අතර, අනෙක් සිව් දෙනා ශ්‍රී ලාංකීකයන් වේ. සැකකරුවන් සතුව තිබු මෝටර් රථ දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් අවුරුදු 26 හා 28 වයස්වල පසුවන බව සදහන් ය. සැකකරුවන් අද (25) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
 
මේ අතර දුම්කොළ මිශ්‍ර ‘මාවා‘  නමින් හදුන්වන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 875ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දෙහිවල දී දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 49යන වයස්වල පසුවන දෙහිවල හා මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();