Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර 10ක් ගින්නෙන් විනාශයි

කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබේ.
 
ගින්න හට ගෙන ඇත්තේ ඊයේ(24) පස්වරු 5.00ට පමණ නොර්වුඩ්, නිව්වැලි වත්ත ප්‍රදේශයේ කාසල්රි ජලාශය අසළින්ය.
 
ඉලුක් සහ තෘණ සහිත එම රක්ෂිතයේ සිඝ්‍රයෙන් ගින්න පැතිර ගිය අතර ගින්න හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි නොර්වුඩ් ඇගළුම් කාර්මාන්ත ශාලාව අසළට සහ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගය අසලටද පැතිර ගොස් තිබුණි.
 
පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ඇගළුම් කාර්මාන්ත ශාලාවේ නිලධාරින් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කර තිබේ. කාසල්රි ජලාශයේ අනවසරෙන් ධිවර කටයුතුවල නිරත වි සිටින පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.
 
ගිනිගෙන විනාශ වි ඇති කාසල්රි ජලාශ රක්ෂිතය හරහා කාසල්රි ජලාශයට ජල මුලාශ කිහිපයක්ද ගලා බසින බව වතු කම්කරුවන් කියා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();