චීනය පුරාවට මහත් ව්‍යාසයනක් ඇතිකරමින් ව්‍යාප්ත වන නව කොරොනා වෛරස ආසාදනයෙන් මියගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබේ.
ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබුණි.
මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි.
මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 200ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි.
මේ අනුව කොරෝනා ආසදනය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1 013ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 Comments