Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාභය වැලිකඩට යයි

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

ජනාධිපතිවරයා ඊයේ(10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත වූ අතරතුර වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි එහි රැඳවියන් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ඊට අවධානය යොමු කරමින් මෙලෙස කමිටුවක් පත්කිරීමට තීරණය කර ති‍බේ.

එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.

මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති.

රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ. වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි රැඳවියෝ ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියහ.

මේ හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

The post ගෝඨාභය වැලිකඩට යයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();