අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජන බලවේගය යනුවෙන් වෙනස් කිරීමට එම පක්ෂයේ නියෝජිතයින් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇත.
ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාත් මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් පත් කළ බවට එම පෙරමුණ කළ තනතුරු වෙනස් කිරීමද මැතිවරණ කොමිසම් සභාවේ නියමයන් පරිදි පිළිගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දී තිබේ.
අපේ ජාතික පෙරමුණේ නියෝජිතයින් එහි නිළධාරී මණ්ඩලය වෙනස් කිරීමට අදාළ ලේඛණ ඉකුත් 02වනදා මැතිවරණ කොමිසම වෙත භාර දී තිබුණි.
ඊට ප‍්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අදාල වෙනස් කිරීම් පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

0 Comments