Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංගම චෝදනා විමර්ශනයට කමිටුවක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ විෂමාචාර හා එහි කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබේ.
 
අදාළ කමිටුව පත්කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.
 
ලංකා ගමනා ගමන මණ්ඩලය සම්බන්ධව එල්ල වී ඇති චෝදනා හා පැමිණිලි විමර්ශනය කර සති දෙකක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
 
බස් ඩිපෝවල පසුගිය කාලයේ වාර්තා වූ විවිධ විෂමාචාරයන් හා ඩිපෝවල කටයුතු පිළිබඳ මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක් මෙම කමිටුව මගින් සිදු කෙරෙනු ඇත. එහි සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතා පත්කර තිබේ.
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();