Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත සම්මත වෙයි

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.

ඒ, අනුව බ්‍රිතාන්‍ය ලබන 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇත.

වසර ගණනාවක් පැවති උණුසුම් වාද විවාදයන්ගෙන් පසුව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් එම පනතට අනුමැතිය පළ කරමින් ජන්දය ප්‍රකාශ කළහ.

එම පනත නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට, දෙවන එළිසබෙත් රැජින ඊට අත්සන් කළ යුතු වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය අද ඊට අනුමැතිය ලබා දෙනු ඇති බව ය.

එසේ වුවහොත් සාමාජික රටවල් 28 කගෙන් සමන්විත යුරෝපා සංගමයෙන් පළමු වරට ඉවත්වන රට ලෙස බ්‍රිතාන්‍යය ඉතිහාසගත වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();