Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසාද් සාලි ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (23) දිනයේ යලිත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අසාද් සාලි ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

අද පෙරවරු 11.00ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අසාද් සාලි මහතාට දැනුම්දී ඇති බව සඳහන් වෙයි

පසුගිය අගහරුවාදා දිනයේ ද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙම ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබීය.

අසාද් සාලි මහතාට අමතරව අද දිනයේ තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

මාවනැල්ල, ඉඩම්පිටිය ග්‍රාම නිලධාරිනි යුරේකා දිලානි ජයරත්න මහත්මිය ද සාක්ෂි ලබාදීම සඳහා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();