
නෝවල් කොරොනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ස්ථීර පියවර ගන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං නියෝග කර තිබේ.
චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙස ෂී ජින් පිං උපදෙස් දී ඇත්තේ පුද්ගලයින්ගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාවට මූලිකත්වය දී ක්‍රියා කරන ලෙසයි.
චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ය .
මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇත. ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය.
වෛරසය ආසාදනය වූවන්ගෙන් තුන්දෙනෙකු මේ වනවිට මියගෙස් තිබේ.
මේ අතර ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා විය.
චීනය තහවුරු කළේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වයක් හටගන්නා අතර එය අයෙකුගෙන් තවත් පුද්ගලයකුට වැළඳිය හැකි බව ය . චීනයේ මෙම වෛරසය පැතිරයාම වෙළඳ සංකීර්ණයකින් ඇරඹෙන්නට ඇතැයි මත පලවන නමුත් විද්‍යාඥයන් සහ බලධාරීන් මෙතෙක් එය තහවුරු කර නොමැත.
වෛරසය පැතිරයන්නේ චීන වැසියන් මිලියන ගණනක් ලූනා නව වසර සැමරීමට සූදානම් වන පසුබිමකදීය .
මෙම නව කොරෝනා වෛරසය, සාර්ස් වෛරසය පැතිරයාම සිහිපත් කරවන අතර සාර්ස් වෛරසය වැළඳුණු පුද්ගලයන් 774 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව වෛරසය සාර්ස් වෛරසයට බොහෝ සමානකම් පෙන්වන බව ය . මෙම වෛරසය මීට පෙර මිනිසුන් තුළ හඳුනාගෙන නොමැති වීමද විශේෂයකි.
වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. මේ හේතුවෙන් සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් මස් සහ බිත්තර හොඳින් පිසින ලෙසත් , සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් චීනය සිය වැසියන්ට ජනතාවට උපදෙස් දී ඇතැයි සඳහන් වේ.
The post කොරෝනා පරදන්න ෂී ජින් පිං ගෙන් නියෝග appeared first on Lanka News Column.

0 Comments