
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් 03 දින සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය පත්කර තිබුණි. එම පත්කිරීම සිදුකර තිබුණේ එතෙක් සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනෙල් ටී. විජේසිංහගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.
කොළඹ කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කාර සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආයෝජන කළමනාකරුවන්, ආන්තික ණය පහසුකම් සපයන්නන්, ප්‍රාරක්ෂකයින් යටතට වැටෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන්, නිෂ්කාෂණ ආයතන, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන යටතට ගැනෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන් නියාමනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතට ගැනේ.
The post විනිමය සුරකින්න විරාජ් appeared first on Lanka News Column.

0 Comments