Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරිපා පිවිසුම සුරකින්න යුද හමුදාව එක්වෙයි

යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් 200කගේ සහභාගීත්වයෙන් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ කැළි කසල ඉවත් කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) පැවැත්වුණි.

ශ්‍රී පාද වන්දනා සමයේදී ශ්‍රී පාද මාර්ගය දෙපසට හා ශ්‍රී පාද රක්ෂිතයට වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු දිරා නොයන ඝණ අප ද්‍රව්‍ය ඉවත් කිරීම මෙම ශ්‍රමදානයේදී සිදු කෙරිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීමක් මත ශ්‍රීපාද ප්‍රජා සත්කාර සේවාවක් ලෙස, ජාතික උරුමයක් වන ශ්‍රී පාද පුදබිම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පුද බිමට හා රක්ෂිතයට මුදා හැර ඇති දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම ශ්‍රමදානය මගින් සිදු කරන බවත්, භට කාණ්ඩායම් 03 ක් යොදවා නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා ශ්‍රමදානය සිදු කරන බවත්, මේ සඳහා යුද හමුදාවේ නිලධාරීන් ඇතුළු භට පිරිස් 200 ක් පමණ සහභාගී වන බවත්, ශ්‍රමදානයේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කරමින් ප්‍රධානත්වය ලබා දුන් ඌව පළාත් බාර, 112 වෙනි බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් එදිරිසිංහ මහතා පැවැසීය.

යුද හමුදා නිලධාරින් භට පිරිස් විසින් මෙහිදී එක්රැස් කරන ලද දිරා නොයන ඝණ අපද්‍රව්‍ය මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ, නල්ලතන්නිය නගරයේ පිහිටි කසල රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත බාර දෙන ලදී.

මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් ප්‍රසාද් එදිරිසිංහ මහතා සමඟ යුද හමුදාවේ ඉහළ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මස්කෙළිය සමූහ 
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();