Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේවාලයක මුවාවෙන් රන් මාල කැඩූ අයෙක් දැලේ

වැලිපැන්න ප්‍රදේශයේ දේවාලයක කපු කම් කරමින් සිටිමින් අන්සතු රන් මාල 4 ක් කඩා කුඩු ගැසූ 21 හැවිරිදි කපුවෙක් වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේමොහු සන්තකයේ හෙරොයින් මිලි ග්‍රෑම් 40 ක් ද තිබී ඇත.

මොහු තදින් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බව වැලිපැන්න පොලීසිය පවසයි.

වැලිපැන්න පොලිස් වසමේ රන් මාල 4 ක් කැඩීමේ සිදුවීම් වලට සැකපිට මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසියේ නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටියදී වැලිපැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මහතාගේ උපදෙස් පරිදි බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වැලිපැන්න පොලිස් වසමේ රන් මාල කොල්ලකෑම් 4 සම්බන්ධව කරුණු අනාවරණයවී ඇති අතර එසේ කොල්ලකෑ රන් භාණ්ඩ වලින් කොටසක් අගලවත්ත වෙයන්ගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකුණා තිබියදී සොයාගෙන තිබේ.

තවද රන් මාල සොරකමට උපයෝගී කරගන්නා ලද යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුට එරෙහිව පහරදීම් සහ හෙරොයින් සම්බන්ධ නඩු කීපයක් අධිකරණයේ විභාගවෙමින් පවතින බවද හෙළිවී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();