පාසල් හා නත්තල් නිවාඩුව නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
ඒ අනුව හෙට(24), 27 හා 29 යන තෙදින රාත්‍රී 7.35ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වනු ඇත. එම දිනයන්හි රාත්‍රී 08.30ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා තවත් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.
මෙම දුම්රියවල පළමු, දෙවැනි හා තෙවැනි පන්තිවල ආසන වෙන් කිරීමේ පහසුව ද ලබා දී තිබේ.

0 Comments