ආපදාවලින් විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ සංචාරයක අද(23) නිරත වේ.
ජනාධිපතිතුමා අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී දේශපාලන බලධාරීන් සහ රාජ්ය නිළධාරීන් සමඟ සහන වැඩපිලිවෙල පිළිබඳ සාකච්ඡාවකට ද එක්විය. එම සහන වැඩපිලිවෙල අඛණ්ඩව ක්රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආපදාවට පත් වූවන්ට අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්රියාත්මකය. ඒ ආපදා අවස්ථාවේ සහ ආපදා පහව යාමෙන් අනතුරුව ලබාදිය යුතු සහන සම්බන්ධවය. මෙම කටයුතුවලදී රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 22 න් 10 කට ආපදා තත්ත්වය බලපා තිබේ. පසුගිය 20 වනදා සිට පවුල් 1561 ක 5181 දෙනෙකු විපතට පත්ව ඇත. ඉන් පුවල් 937 ක් 2923 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබේ. ඔවුන්ඩ පිසූ ආහාර මෙන්ම වියලි ආහාරද සැපයීම සිදු කෙරේ. නිවාසවලට සිදුව ඇති හානි සොයා බලා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.
ආපදාවලින් අනතුරුව පිරිසිදු කිරීමේ කටයුතු ඇතුළු සෞඛ්ය පහසුකම් සෙයා බලන ලෙසද ජනාධිපතිතුමා අවධාරණය කරන ලදි. විනාශ වී ඇති වැව් අමුණු ,මහාමාර්ග හා ඇල මාර්ග පිලිසකර කිරීම ආදිය කඩිනමින් යතා තත්ත්වයට පත් කිරීම පිළිබඳ අවධාන යොමු විය. වගා හානි පිළිබඳ සොයා බලා වහාම පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.
මැතිඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටි. මේ අතර ජනාධිපතිතුමා , අවතැන් වූ රදවා සිටින මධ්යස්ථාන කිහිපයකට ගොස් ඔවුන් හමුදවීමට නියමිතය.

0 Comments