
ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ඊයේ වතිකනුවේදී අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසුණා.
ලොවපුරා ආගමික සංහිඳියාව හා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ශුද්ධෝත්තම පියතුමා ජගත් මහලේකම් වරයාගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.
නත්තලට දින කිහිපයක් තිබියදී සිදු වූ මෙම හමුවීම පිළිබඳ සිය ප්‍රසාදය පලකළ පාප් වහන්සේ ලොව පුරා විවිධ ඇදහිලි සිදුකරනු ලබන කිසිවකු පීඩාවට පත්කිරීමට ඉඩ නොදිය යුතු බව කියා සිටියා.
ජේසු තුමන්ගේ උපත සැමරීමට සුදානම් වන කිතුනු ජනතාවට ආරක්ෂිතව නත්තලේ සතුට සැමරීමට හැකියාවක් නොමැති වීම ගැන කණගාටු වන බව ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් එහිදී සඳහන් කරනු ලැබුවා.
The post “විවිධ ඇදහිලි කරන කිසිවකු පීඩාවට පත්කිරීමට ඉඩ නොතබන්න” appeared first on Lanka News Column.

0 Comments