Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හරීන් බදුල්ල අතහරී - සජිත් හම්බන්තොට අතහරී

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඔහුගේ බොහෝ දුරට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිරවණයට තරඟ වැදීමට අදහස් කර සිටින බවද සදහන්ය.

දැනට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();