Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාඨලී අත්අඩංගුවට ගත්තේ හුදු රිය අනතුරක් නිසා නොවේ

Author(s): 
උපාලි කරුණාරත්න

මන්ත්‍රී උදය ගම්මන්පිල

පාඨලී මන්ත්‍රීවරයා සම්බන්ධ රිය අනතුර පාස්කු ප්‍රහාරය දක්වා දිව ගිය අනතුරක් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කෙළේය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේ ඊයේ(24) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

නීතිය පිළිබඳ මහාචාර්ය අජිත් පී. පෙරේරා මහතාත් ජනාධිපති නීතිඥ නලීන් බණ්ඩාර මහතාත් මහා මාර්ග අනතුරක් සම්බන්ධයෙන් රණවක මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා කියා චෝදනා නඟනවා. මේ චෝදනාව වැරැදියි. පාඨලී මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නේ හුදු රිය අනතුරක් සම්බන්ධයෙන් නොවේ. අපරීක්ෂාකාරීව රිය ධාවනයත් එක චෝදනාවක් තමයි. ඊට අමතරව බරපතළ චෝදනා තිබෙනවා. එනම් සාක්කිකරුවන්ට බලපෑම් කිරීම, සාක්කි විනාශ කිරීම, රිය අනතුරක් සිදුකර පලා යාම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාක්කි විනාශ කිරීම සහ සාක්කිකරුවන්ට තර්ජනය කිරීම ඇප ලබා නොදිය හැකි වැරැදියි.

රණවක මන්ත්‍රීවරයාගේ ගෝලයන් මන්ත්‍රීවරයාට සම්බන්ධයක් තිබෙන රිය අනතුර පිළිබඳ බොරු ප්‍රචාරය කරනවා. පිටි පස්සෙන් පැමිණ ඔවුන්ගේ රියේ වද්දා වැරැද්ද තමන් පිට පවරන බව ඔවුන් කියවනවා. මේ රිය අනතුර පිළිබඳ අදාළ පුද්ගලයගෙන් ලබා ගත් තොරතුරු අනුව අධිකරණයට වාර්තා කර තිබෙන තොරතුරු අනුව මන්ත්‍රීවරයා රාජගිරියේ පැත්තේ සිට බොරැල්ල දෙසට කෝට්ටේ පාර දිගේ වේගයෙන් එනවා. මෝටර් සයිකල්කරු බොරැල්ල පැත්තේ සිට රාජගිරිය පැත්තට වේගයෙන් එනවා. සරණ පාර ළඟදී සංඥාවලින් තොරව රණවක මන්ත්‍රීතුමා එක පාරට දකුණට හරවා සරණ පාරට වාහනය දමනවා. එහිදී අනතුර සිදු වෙනවා. මෙහිදී වරද කාගේද. මෙහිදී මෝටර් සියිකලය පදවාගෙන ආ සන්දීප් අතේ වරදක් නැහැ.

සන්දීප් සහ ඔහුගේ මිතුරන් අධිකරණය ඉදිරියට පැමිණ පාඨලී මන්ත්‍රීවරයාට එරෙහිව සාක්කි දීම වළක්වා ගැනීමට එතුමාගේ ගෝලයෝ කණ්ඩාම සන්දීප් සහ යහළුවන් අධිබල මෝටර් සයිකල් ධාවනය කළ බවට වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලීසියට පැමිණිලි කරනවා. මේක පට්ටපල් බොරුවක්. මෙම මෝටර් සයිකල් සී.සී. දහසට වඩා අඩු නිසයි ඒවා ලියාපදිංචි කර තිබෙන්නේ. අවුරුදු හතරක් තිස්සේ සන්දීප්ගේ මෝටර් සයිකලයේ වැරැද්දක් නොදැක්ක රණවක මන්ත්‍රීතුමාගේ ගෝල බාලයන් ඇයි දැන් හදිසියේ පොලීසියට ගොස් පැමිණිලි කරන්නේ. හේතුව තමයි සන්දීප්ගේ යහළුවන් බියට පත් කිරීම. වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වහාම මේ බොරු පැමිණිලිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අප පොලීසියෙන් ඉල්ලා සිටිනවා.

අපේ මන්ත්‍රීවරු ගණනාවක් පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාර ගත වුණා. හැබැයි කතානායකතුමා ඔවුන් බලන්න ගියේ නැහැ. කතානායකවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනෙනවා එතුමා කොතරම් පක්ෂග්‍රාහීව හැසිරෙනවාද කියන එක. මෙතරම් පක්ෂග්‍රාහී කතානායකවරයෙක් කවදාවත් සිටියේ නැහැ. රණවක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවීම පිළිබඳව පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව එතුමා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම මඟින් කියනවා. විවිධ දේ ප්‍රකාශ කනවා. පාඨලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගැනීමේ දී කිසිම නීතියක් උල්ලංඝණය වී නැහැ.

සන්දීප්ගේ කාරණයට ආණ්ඩුවේ කිසිම මැදිහත් වීමක් නැහැ. මේ නඩුව යළි ආරම්භ වන්නේ රණවක මන්ත්‍රීතුමාගේ එවක පෞද්ගලික සහකාර පොලීසිය ඉදිරියේ කළ ප්‍රකාශයක් නිසා. ඔහු රණවක

රිය අනතුර වෙනුවෙන් වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කළ බව ඔහු කියනවා. තුසිත කුමාර වෙන වාහනයකින් පොලීසියට පැමිණි බව ප්‍රකාශ කරනවා. එවක නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කතා කර සියල්ල සුදානම් කරගත් ආකාරය ඔහු පවසනවා. ඒ අනුව වසා දැමූ ලිපි ගොනුව නැවත විවෘත වෙනවා. අදාළ බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරයි.

මෙම සිදුවීමේ දී අපරාධකරුවෙක්ව බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරනවා. අනිත් පැත්තෙන් පොලිස්පති තනතුරට නුසුදුසු පුද්ගලයෙක් ගෙන එන්න රණවක මන්ත්‍රීතුමන් කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයෙන් විශාල ජීවිත දේපොළ නැති වුණා. මෙම රිය අනතුර පාස්කු ප්‍රහාරය දක්වා දිව යන අනතුරක්. මේවා සියල්ල අධිකරණයේ දී සළකා බැලෙයි කියා අප සිතනවා.

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා- කන්න ඕන වුණහම කබර ගොයා තලගොයා කර ගැනීමේ සම්ප්‍රදාය ඇතැමුන් අනුගමනය කරනවා. චම්පික සහ රාජිත මැතිතුමන්ලාගේ කතා මේ දිනවල එළියට එනවා. රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන විට ඇතැමුන් එය දේශපාලන දඩයමක් බව ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂය පන්දම් දල්වාගෙන හදිසියේ විශාල නාට්‍යයක් රඟ දක්වනවා. ඇප ලබාගත් පුද්ගලයන් වෙනුවෙන් ගහන කයිවාරු කතා අපට ඇසෙනවා. රණවක, රාජිත , රිෂාඩ්ට, රන්ජන් මහත්වරුන්ට, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට අප මතක් කරනවා කොකාගේ වාරය අවසන්. 2015 දී අභූත චෝදනා නඟමින් කොකා කරළියට ආවේ. මේ තිත්තයාගේ දෙවාරයේ පළමුවාර යයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();