සුනාමි රළපහරට හසුවිමෙන් මියගිය දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මිහිදන්කොට ඇති අක්මීමන කුරුදුවත්ත සුනාමි ස්මාරකය අසල දී මියගිය අයගේ ඥාතින්ගේ හා වැවිලි කර්මාන්ත හා සුළුඅපනයන භෝග සංවර්ධන ඇමති දොස්තර රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සුනාමි සැමරුම් පිංකමක් ඊයේ (26) පැවැත්විණි.
සුනාමියෙන් මියගිය අයගේ ඥාතින් හිතවතුන්, සමඟ ඇමති රමේෂ් පතිරණ, කරාපිටිය වෛද්‍යපිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිස සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා මියගිය අය සිහිපත් කළහ. මහා සංඝරත්නය විසින් මියගිය අයගේ ඥාතින් සදහා පිං පැමිණිවිම ද මෙහිදි සිදුකරණු ලැබීය.
සුනාමි සැමරුම් පිංකම අක්මීමන ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට අක්මීමන ප්‍රදේශිය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් රාජ්‍ය නිලධාරින් සුනාමියෙන් මියගිය අයගේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ලංකින්ද නානායක්කාර (ඉමදුව සමුහ)

0 Comments