
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (23දා) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.
එසේම ජාතික නිදහස් දින උත්සවය සඳහා පෙරහුරු පැවැත්වීමේදී ජනතාවට පීඩාකාරී නොවන අයුරින් එවා පැවැත්වීමටද තීරණය කර තිබේ.
නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පැල සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.
ඩේලි මිරර් ඇසුරෙනි
The post නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් පමණයි appeared first on Lanka News Column.

0 Comments