
අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස මහතාව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පසුගියදා වීරකැටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඒ මහතා සඳහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව සජිත් ප්‍රේමදාස මහතාටද චෝදනා එල්ලවී ඇති බැවින් අවශ්‍ය නම් ඔහු අත්අඩංගුවට ගතහැකි බවයි.
එම ජනහමුවේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා,
“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂමක් දැම්මා. ඒ කොමිෂන් වාර්තාවේ සජිත් ප්‍රේමදාස මහතාටත් චෝදනා තිබෙනවා. අපිට අවශ්‍යනම් හෙට එතුමා අත් අඩංගුවට ගන්න පුළුවන් . නමුත් අපි එහෙම කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කටයුතු ඒ විධියට සිදු වෙයි. ඒ පරීක්ෂණ අපි අතට ගන්නේ නෑ. ඒවා අදාළ ආයතන සිදුකරයි. එජාපය කළා වගේ අපි දේශපාලන පලිගැනීම් සිදුකරන්නේ නෑ. රජයේ නිළධාරීන් ඒ තැනට පත් කරන්න අපි කටයුතු කරන්නනේ නෑ.” යනුවෙන් පවසා සිටියා.
The post “අවශ්‍ය නම් සජිත්ව අත්අඩංගුවට ගන්න පුළුවන්” – නාමල් appeared first on Lanka News Column.

0 Comments