Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටුනායක ගුවන් තොටුපොළ අවට නව රථවාහන සැලැස්මක්

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ හා අවට ප්‍රදේශයන්හි පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස ඒ අවට නව රථාවහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම තීරණය කර තිබේ.
 
නව රථාවහන සැලැස්ම පසුගිය දින කිහිපය තුළදී පෙරහුරුවක් ලෙස සිදුකෙරුණු අතර එය සාර්ථක වීම නිසා මෙය ක්‍රියාත්මක කෙරේ.
 
01 සියලුම පැමිණීම් හා පිටත්වීම් සඳහා ගුවන්තොටුපොළ ප්‍රධාන පිවිසුමෙන් ආරක්ෂක පරික්ෂණය සිදුකර ගුවන්තොටුපොළ වෙත ප්‍රවේශ විය හැක.
 
02 පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත සඳහා ප්‍රවේශ විය යුතු ආකාරය මාර්ග සංඥා පුවරු මගින් දක්වා ඇති අතර ආරක්ෂක අංශ විසින් අවශ්‍ය මග පෙන්වීම් සිදුකරනු ලබයි.
 
03 මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන හා මිනුවන්ගොඩට දෙසට ගමන් ගන්නා සියලුම වාහන සඳහා පෙර පරිදි කටුනායක මිනුවන්ගොඩ මාර්ගය භාවිත කිරිමට අවස්ථාව තිබේ.
 
04 කටුනායක - මිනුවන්ගෙන මාර්ගයන්ගේ පැමිණීමේ පර්යන්තය වෙත පිවිසෙන වාහන සඳහා මෙතෙක් පැවැති පිවිසුම් දොරටුව වසා දැමෙන අතර එම වාහන සඳහාද ගුවන්තොටුපොළ ප්‍රධාන පිවිසුම වෙතින් ගුවන්තොටුපොළ වෙත ඇතුල්වීම සඳහා පහසුකම් සපයා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();