ගංවතුර අවධානමක් පවතින බැවින් කලාඔය දෙපසින් වහාම ඉවත් වන ලෙසට අපදා කරුණාකර මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
මහවැලි ජල වාරි පද්ධතියෙන් විශාල වශයෙන් ජලය අනුරාධපුර කලා ඔයට එක්වන බව සදහන් වේ.
තලාව, තඹුත්තේගම, ඉපලෝගම, ගල්නෑව යන ප්‍රදේශවල ජනතාව කලා ඔය දෙපසින් තාවකාලිකව ඉවත් වීම වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.
මේ අතර නාය යාම් නිවේදන දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇත. බදුල්ල, මහනුවර, නුවරඑළිය, මොණරාගල, මාතලේ දිස්ත්‍රික්කවලට එම නිවේදන නිකුත් කර තිබේ. ඒ පිළිබඳ තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දීමක් කරනු ලැබේ.

0 Comments