Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉසුරු උදානට අයි.පී.එල්. වරම්

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට හිමිව තිබේ.

ඒ පෙරේදා කොල්කටා හිදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම උදාන මිලදී ගැනීමත් සමගය. එම කණ්ඩායම ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගත් ඉසුරු උදානගේ පළමු අයි.පී.එල්. තරගාවලිය වන්නේ මෙයයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 14 දෙනකු මේ වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටියද අවස්ථාව හිමිවූයේ උදානට පමණක් වීම කැපී පෙනුණි.

ලසිත් මාලිංග මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් වෙන්දේසියට ඉදිරිපත් නොකර රදවා තබාගත් ඒ අනුව ඔහු සමගින් ඉසුරු උදාන මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වනු ඇත.

මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් විසින් මිලදී ගත්තේය.

මේ වෙන්දේසියේදී ඉහළම මිලක් හිමිවූ ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියවේ පැට් කමින්ස්ය. කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඔහු ඉන්දීය රුපියල් කෝටි 15.5කට මිලදී ගත්තේ අයි.පී.එල්. ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයකු සඳහා ගෙවූ විශාලතම මුදල ලෙසිනි. ඔස්ට්‍රේලියවේම ග්ලේන් මැක්ස්වෙල් ඉන්දීය රුපියල් කෝටි 10.75කට සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් කෝටි 10කට අලෙවි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();