Ticker

6/recent/ticker-posts

Header Ads Widget

18 ට අඩු විවාහ තහනම් කරයි .

සෞදි අරාබිය විසින් වයස අවුරුදු 18 ට අඩු විවාහ තහනම් කර ඇති බව  සෞදි අරාබියේ අධිකරණ අමාත්‍යාංශය  නිවේදනය කරයි .

මේ අනුව සෞදි රාජ්‍යය තුළ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට පත් වේ.

සෞදි අධිකරණ ඇමති සහ සුප්‍රීම් අධිකරණ කවුන්සිලයේ සභාපති ෂ්‍යෙික් වාලිඩ් අල්-සමානි මෙයට අදාළව සියලු අධිකරණවලට නව නියෝගයක් ද චක්‍ර ලේඛයක් හරහා නිකුත් කර තිබේ.

මේ අනුව වයස 18 ට අඩු විවාහ ඉල්ලීම් සලකා බැලීම විශේෂ අධිකරණයක් මගින් අනුමත කළ යුතුය.

2019 ජනවාරි මාසයේ වයස අවුරුදු 15 ට අඩු අය, එනම් දරුවන් විවාහ කිරීම තහනම් කරමින් රෙගුලාසි නිකුත් කළේය. එම යෝජනාව තුනෙන් දෙකක බලයකින් ෂුරා කවුන්සිලය හෙවත් අධීක්ෂණ කමිටුව මගින් ද අනුමත  කර  ඇත.

ලෝකයේ වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන්ගේ විවාහ 7 න් 1 ක්ම වාර්තා වූයේ සෞදි අරාබියෙනි. නමුත් දැඩි මුස්ලිම් මතධාරී රටක් වන සෞදි අරාබිය, රටේ ළමා ආරක්ෂණ නීතිය (Child Protection Law) අනුව යමින් සිය රටේ නීති ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.

The post 18 ට අඩු විවාහ තහනම් කරයි . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();