Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්දය දෙන්නේ කොහොමද ?

  2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබ සූදානම්ද?

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇති නිර්දේශ පහත දැක්වේ.

ඡන්දය ලබා දීම සඳහා ඡන්ද පොළට පැමිණෙන සෑම ඡන්ද දායකයෙකුම ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඡායාරූපය සහිත හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

  • ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි ඒ සඳහා ඉදිරිපත් කළ යුතු හැඳුනුම්පත්:
  • වලංගු ජාතික හැඳුනුම්පතක්
  • වලංගු රියදුරු බලපත්‍රයක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ
  • රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පතක්
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පුජ්‍ය පක්ෂය වෙත නිකුත් කරන ලද හැඳුනුම්පතක්
  • වැඩිහිටි හැඳුනුම්පතක්

ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබාගෙන  තිබිය යුතු බව   ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්දය ලකුණු කිරීම

නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොළට යන ඔබ ඡන්දය ලකුණු කිරීමේදී ඡන්දය දීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ සලකුණ සඳහන් තීරුව තෝරා විශේෂ සැලකිල්ලක් යොමු කර එහි ඡන්දය ලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.

එහිදී ඡන්ද දායකයාගේ ලකුණ ඉදිරියෙන්:

  • එක ලකුණු කළ හැක නැතිනම් කතිරය ලකුණු කළ හැක.
  • මනාප ලබා දෙන්නේ නම් 1 ලකුණු කිරීමෙන් පසු 2 සහ 3 යොදා දෙවන සහ තෙවන මනාප ලකුණු කළ හැක.

“මම ඡන්දය දෙන්න අපේක්ෂා කළේ මේ අපේක්ෂකයාටයි නමුත් ලකුණු වුණේ වෙනත් කෙනෙකුටය කියා යම් කෙනෙක් කියූ පමණින් ඔහුට හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් දීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් නැහැ,” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු පෙන්වාදෙන පරිදි තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට බලය ඇත්තේ “අනවධානය නිසා සිදුවන අත්වැරදීම්” සඳහා පමණි.

උදාහරණ වශයෙන්:

  • යම් හෙයකින් වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවක.
  • ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය විට.

නොවැම්බර් 07 වෙනිදා වන විට සියලුම තැපැල් ඡන්ද දායකයන් තැපැල් ඡන්දය ලකුණු කර අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

“හැබැයි මේවා ගණන් කරන්නේ දාසය වෙනිදා පස්වරු පහෙන් පස්සේ. ඒක නිසා කිසිවකුටත් කියන්න බැහැ තැපැල් ඡන්දයෙන් අපේ අපේක්ෂකයා මෙච්චර ප්‍රතිශතයක් ගත්තා. මෙච්චර ගානකින් දිනුම් කියා කියන්නේ නම් ඒක අසත්‍ය ප්‍රකාශයක්,” යනුවෙන් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.

The post ඡන්දය දෙන්නේ කොහොමද ? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();