වෙන්නප්පුව පොලිස් වසමේ බොලවත්ත ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවක ඊයේ(24) රාත්‍රී 9.30ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලීසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, මීගමුව නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ද සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇත.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
0 Comments