ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඉන්දියාවේ ස්ටැටර්ජික් නිව්ස් ඉන්ටර් නැෂනල් වෙබ් අඩිවයේ කතෘ නිතින් ගෝඛ්ලේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.
ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තියභාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුබසාධනය මෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සිදු කිරිම තම අපේක්‍ෂාව බව ද යුද හමුදාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
යුද හමුදාපතිවරයා එහිදී කියා සිටියේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම අනුව ත්‍රිවිධ හමුදාව ඊට අඛණ්ඩව සහාය ලබා දෙන බව ය.
තවද උද්ගතව ඇති තත්ත්වයන් හඳුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.
වර්ෂ 2009 දී මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමග යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳව ද යුද හමුදාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරි ඇති සුවිශේෂි කාර්යභාර්ය පිළිබඳව සිය ඉදිරි දැක්ම පිළිබඳව ද එම සම්මුඛ සාකච්ඡාවේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් අවධාරණය කළේය.
වර්ෂ 1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත් ශක්ති සහ එස්එන්අයි හි ප්‍රධාන කර්තෘ නිටින් ගොඛ්ලේ, කතුවරයකු, මාධ්‍ය පුහුණුකරුවෙකු, ආරක්ෂක විශ්ලේෂකයෙකු, කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු ලෙස ද නිතින් ගොඛ්ලේ සැලකේ.
0 Comments