Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය වෛද්‍යවරු කිලෝ 07ක වකුගඩුවක් රෝගියෙකුගෙන් ඉවත් කරයි

ඉන්දීය වෛද්‍යවරුන් එරට රෝගියෙකුගේ කිලෝග්‍රෑම් 7.4ක බරකින් යුත් වකුගඩුවක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇත. එම වකුගඩුව සාමාන්‍යයෙන් අලුත උපන් ළදරුවන් දෙදෙනෙකුගේ බරට සමානය. මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ය. 
 
නිධන්ගත වකුගඩු රෝගයකින් පෙළුණු අදාළ රෝගියාගෙන් විශාල ප්‍රමාණයේ වකුගඩුව ඉවත් කර තිබේ. ඉන්දියාවේ මෙතෙක් ඉවත් කෙරුණු බරින් වැඩිම වකුගඩුව මෙය බව වාර්තාවේ. 
 
දළ වශයෙන් වකුගඩුවක බර වන්නේ ග්‍රෑම් 120ත් 150ත් අතර ප්‍රමාණයකි. අමෙරිකාවෙන් කිලෝ 09ක් බර වකුගඩුවක් මීට පෙර වාර්තා වි තිබුනි. එසේම නෙදර්ලන්තයෙන් ද කිලෝග්‍රෑම් 8.7ක බර වකුගඩුවක් වාර්තා වී ඇත.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();