Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතන්න යයි..100% කැමැත්ත ගෝඨට..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ අවසාන වතාවට ජාතිය ඇමතීමට සූදානමින් සිටී.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රධානත්වයෙන් අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර 14 වැනිදා ඔහු සිය කාර්යය මණ්ඩලයෙන් සමු ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් වූ උත්සවයක් ද ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අැමතීම එළැඹෙන 13 වැනිදා රාත්‍රියේ සිදු කරනු ඇති බවද වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 100%ක්ම තම සහයෝගය ගෝටාභය රාජපක්‍ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();