Ticker

6/recent/ticker-posts

Header Ads Widget

MCC සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ශ්‍රී ලංකා රජය-ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසෙන මිලේනියම් චැලෙන්ජ කෝපරේෂන් ව්‍යාපෘතිය, SOFA ගිවිසුම හෝ වෙනත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

එම විනිසුරු මඩුල්ල විනිසුරු බුවනෙක අලුවිහාරේ, එල්.ටි.බි.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් සමන්විත අතර එම පෙත්සම් නොවැම්බර් මස 13 දා සලකා බැලීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();