Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුහරයේ සිර වූ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා - මව වැළපෙමින් බෑගයක් මසයි

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප‍්‍රදේශයේ අතහැර දැමූ ළිං කුහරයක් තුළ සිරවී සිටින සුජිත් විල්සන් නැමැති දෙහැවිරිදි කුඩාදරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව 03වන දිනටත් කි‍්‍රයාත්මකය.
 
විශේෂ කැනීම් යන්ත‍්‍රයක් යොදාගෙන සිදුකරන මෙම මෙහෙයුම මන්දගාමී වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. දරුවා සිරවී සිටින කුහරය අවට ප‍්‍රදේශය පාෂාණ තට්ටුවකින් ආවරණය වී තිබීම ඊට හේතුව වේ. 
 
ඒ අනුව මෙහෙයුමේදී යොදාගෙන ඇති විශේෂ කැනීම් යන්ත‍්‍රයෙන් පවා පැයක් තුළදී කැනීම් සිදුකළ හැක්කේ අඩි 03 ක් හෝ අඩි 05 ක ප‍්‍රමාණයක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඊයේ (27) රාති‍්‍ර 09.00 පමණ වනවිට අඩි 35 ක කුහරයක් නිර්මාණය කිරීමට සහන කණ්ඩායම් සමත්ව තිබුණා. ඔවුන්ගේ අරමුණ අඩි 100 ක කුහරයක් නිර්මාණය කිරීමයි.
 
 
සුජිත් සිරවී සිටින කුහරයට මීටර් 03 ක් පමණ දුරින් සකස් කරන මෙම කුහරයේ සිට මීටරයක පමණ පළලකින් යුත් උමගක් සාදා දරුවා සිටින ස්ථානයට ළඟාවීම සහන කණ්ඩායම්වල අපේක්ෂාව වී තිබේ.
 
ඊයේ පස්වරුවේ විටින් විට ඇදහැලූනු වර්ෂාව හේතුවෙන් සහන මෙහෙයුම්වලට තවදුරටත් බාධා එල්ල වී ඇත.
 
එහෙත්, සුජිත් සිරවී සිටින ළිං කුහරය තුළට ජලය ඇතුළු නොවන පරිදි ආරක්ෂිත ආවරණ යොදා එම ළිං කුහරය ආවරණය කර ඇති බව  සඳහන්වේ. 
 
දරුවා සිහිමුර්ජා තත්ත්වයේ සිටින බවට විශ්වාස කෙරෙන අතර සිදුකෙරෙන කැනීම්වලින් ඔහුට කම්පන තත්ත්වයන් ඇති නොවන පරිදි මෙහෙයුම සිදුකිරීමට සහන සේවකයින් උත්සහ දරමින් සිටියි. 
 
දරුවා මුදාගැනීමට සමත්වුවහොත් ඉක්මනින් සහන සේවා සැපයිය හැකි වන පරිදි ගිනිනිවන භටයින් සහ සහන සේවකයින් 200 ක්, පරීක්ෂකවරුන් 20 දෙනෙකුත්, රජයේ රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ගිලන් රථ 02 ක් ද අදාළ ස්ථානය තුළ සූදානම් කර තිබේ. 
 
කෙසේවෙතත්, මේවනවිට පැය 60 ක පමණ කාලයක් පුරා දරුවා එම කුහරය තුළ සිරවී සිටියි. 
 
පසුගිය සිකුරාදා සුජිත්, මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අතහැර දමා තිබූ ළිදට වැටී තිබුනි. 
 
මේවන විට දරුවාගේ මව වැළපෙමින් අදාළ ළිඳ ආසන්නයේ සිටිව බවද මාධ්‍ය වාර්තා සංවේදීව සදහන් කර ඇත. 
 
ඇය මීට පෙර දරුවා ගලවා ගැනීමේ මුල් අවධියේ මෙහෙයුම් සිදු කරන විට කුඩා දරුවා මතු පිටට ගෙන ඒවට හැකිවෙතැයි බලාපොරොත්තුවෙන් බෑගයක් ද මැහුම් කළ අයුරු දක්නට ලැබුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();