Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහල බෞද්ධ ඡන්දවලින් 70% ක් ගෝඨාභයට ලැබෙන්නේ නෑ

‍ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් 70% ක් සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්ෂේම භූමියක් වූ ඇල්පිටියෙන්වත් ඔවුන්ට 70% ක් ඡන්ද ලබාගැනීමට නොහැකි වූ බව ද එජාප මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

කළුතර නගර ශාලාවේදී ඉකුත්දා (14) පැවැති එජාප බලමණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදී ඒ මහතා මේ බව පැවසීය.

මනූෂ නානායක්කාර මහතා එහිදී මෙසේ ද කීවේය.

ඇල්පිටිය කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්ෂේම භූමියක්. ක්ෂේම භූමියක ඉඳගෙන තමයි මේ අය තරග කළේ. 1977 දී විතරයි, පළාත් පාලන මැතිවරණයකදී ඇල්පිටිය යූ. ඇන්. පීය දිනුවේ. ඇත්ත කතාව තමයි, මේ මැතිවරණයේදී නොවැම්බර් 17දා ගෝඨාභය මහත්තයා පරදිනවා කියලා සපථ කරලයි තියෙන්නේ. ඒකට හේතුව මෙහෙමයි.

හොඳට ගණන් හදල බලන්න, මොකක්ද මේ මැතිවරණයෙන් ව‍ුණේ? මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න නම් සිංහල බහුතරයක් තියෙන ඡන්ද ප්‍රදේශවලින් 70% කට වඩා ඒ අය ගත යුතුයි කියලා ඒ අය කියලා තිබුණා. ඒ නිසා තමයි මුස්ලිම් මිනිස්සු පිළිබඳ සිංහල මිනිස්සු තුළ ගැටලු හා වෛරයක් නිර්මාණය කරලා ජාතිවාදය ඇවිස්සුවා සිංහල බහුතරයේ ඡන්ද ටික ගන්න. ඒකට තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ මිලිටරි ගැටලු ඇතිකළේ.

පාස්කු ප්‍රහාරය කවුරු කළාද මං දන්නේ නැහැ. පාසල්වල බෝම්බ පිපිරෙව්වා. ගැටලු ඇතිකළා. ගෝඨාභය මහත්තයාට දිනන්න නම් 70% ක් ඉක්මවූ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යයි කියලා ඒ අය දන්නවා. ඒ නිසා තමයි, නූල් සුස්තරකාරයා, මහමොළකාරයායි කියන බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වේ, අපි 80% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ඇල්පිටියෙන් ගන්නවා කියලා. ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව වුණේ. 80% ක් ගත්තොත් තමයි ඒ අය දිනන්නේ කියලා. 70%, 73% ඉක්මවූවත් 80% අරන් නැහැ ඒ අය. අපි කියනවා, ඒ අය ගත්තේ 56.2% යි. ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල යන මේ කොයි ප්‍රදේශයෙනුත් අපි 70% ක් ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ජයග්‍රහණය කරනකොට මේ අයට ජනාධිපතිවරණ මැතිවරණය දිනන්න බැහැ.

මේ අය අද පස්ස බිම ඇනිලයි ඉන්නේ. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵල කියනකොටත් ඒ අය කිරිබත් කෑවා. රතිඤ්ඤා පත්තු කළා. උඩ පැන්නා. හැබැයි දැන් ඒ අයට යථාර්ථය තේරිලා. මේ වගේ වාමාශික ප්‍රදේශයකිනුත් මේ අය ලබාගත්තේ 57% ක් නම් ඊට එහා යන්න ඔවුන්ට බැහැ.

මේ අය දැන් වෙනත් එකක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනුත් එකතු උනහම ඔවුන්ගේ 12% ක් එකතු උනහම හරිලු. එහෙම වුණොත් ඒ අයට එන්නේ 69% යි. 69% ක් ආවත් 70% නැහැ.

අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු මහින්ද රාජපක්ෂ විරෝධී කඳවුරෙයි ඉන්නේ කියලා. ඒ නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ විරෝධී කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තේ හිටගත්තේ. ඒ හිටගත්තු කණ්ඩායම, පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවත් එක්ක ගැටුණා. පොහොට්ටුවත් එක්ක වෛරයක් තිබුණා. වෛරයක් හදාගෙන රාජපක්ෂ විරෝධී කඳවුරක් තමයි, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉන්නේ. ඒ 12% ක් ඕන නම් 1 ක් 2 ක් අනිත් පැත්තට යාවි. හැබැයි බහුතරය ඉන්නේ සජිත් ප්‍රේමදාස ගාවයි.

රාජපක්ෂ විරෝධී කඳවුරේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික කණ්ඩායමක්, බිම්මට්මේ සාමාජිකයන් හා සංවිධායකවරුන් එක්ක පෙරෙයිදා සජිත් ප්‍රේමදාස මහත්තයා හමුවීමට ආවා, ඇවිත් කිව්වා අපි ඔබතුමාට සහයෝගය දෙන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝදෙනෙකුත් දැන් තමන්ගේ තීරණය විනිශ්චය කරල ඉවරයි කාටද සහාය දෙන්නේ කියලා. එතකොට මේ අයගේ බැහැපු හුලං ටිකයි, ඉතිරි හුලං ටිකයි ඔක්කොම බැස්සහම අපි නොවැ. 17 දා ස්ථිරවම ජනාධිපතිවරණය දිනලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජනාධිපති සිහිනය ස්ථිරවම සැබෑ වෙනවා.

කළුතර මධ්‍යම විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();